පාම් තෙල් පොල් තෙල් කරන ජාවාරමක් !

පාම් තෙල් පොල් තෙල් කරන ජාවාරමක් !

පොල්තෙල්වලට පාම් තෙල් කවලම් කිරීමේ ජාවාරමක් වැටලීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් අංශය අද සමත් විය.

එහි තිබී කලවම් කරන ලද පොල් තෙල් සහ පාම් තෙල් ලීටර් 25,000කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තාවේ.

ගලේවෙල - එනමල්පොත - හතේ කණුව ප්‍රදේශයේදී කාලයක් පුරා මෙම ජාවාරම සිදුකර ඇති අතර පිට පළාත්වලින් මෙම ස්ථානයට පාම් තෙල් රැගෙන විත් පොල්තෙල් බවට පත් කර ඇති බව පොලිසිය පවසයි.

එලෙස කලවම් කරන ලද පොල් තෙල් ලීටර් 5000කට ආසන්න ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව වැටලීමට එක්වූ පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේය.

පාම් තෙල් ලීටරයක් රුපියල් 200කට මිලට ගෙන එය පොල් තෙල් සමඟ කලවම් කොට ලීටරයක් රුපියල් 370කට පමණ අලෙවි කර ඇති බව සඳහන්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න