Language Switcher

V2025

ජනපති ස්විට්සර්ලන්තයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිල සංචාරයක් සදහා අද අලුයම ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව ගියේ ය.

ඒ, අනිද්දා දින ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ය.

මෙහිදී ජනාධිපතිවරයා " බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම” යන මැයෙන් දේශනයක්ද පවත්වනු ඇති.

ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේදී ලෝකයේ ප්‍රධාන රටවල් සහභාගී වන රැස්වීමකි.

ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය සහ අධ්‍යයන ආයතන ද මේ සදහා සහභගී වනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාරික වට මේස සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගි වීමට නියමිතයි.