අල්ලස් හොරු ඇල්ලුවාට ජනාධිපති සතුටු වෙයි : නිලධාරීන්ගේ සේවය අත්හිටුවයි

අල්ලස් හොරු ඇල්ලුවාට ජනාධිපති සතුටු වෙයි : නිලධාරීන්ගේ සේවය අත්හිටුවයි
රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අත්අඩංගුවට පත්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාගේ සේවය වහාම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන්ට එරෙහිව කිසිඳු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුතු පාර්ශවයන්ට ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එසේම අල්ලස් හා දුෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බවට ජනාධිපතිවරයා අවධාරණය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න