රුපියල් කෝටි 2 ක මුදලක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.අයි. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන සැකකරුවන් මැයි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති බව වාර්තා වෙයි.
මෙරට කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම් වූ ඉන්දියානු ආයෝජකයකු වෙතින් එම කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් කෝටි 10ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් කෝටි 2 ක අල්ලසක් ඊයේ(03) සවස ලබා ගැනීමට යාමේදී කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේදී අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා එදින රාත්‍රියේ කොළඹ, සරණ පාරේ පිහිටි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ගේ නිල නිවස වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර ඇත්තේ පරීක්ෂණ කටයුතු තවදුරටත් පැවැත්වෙන බැවින් මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදා හළහොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවත් එම නිසා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත්ය
එය අනුව සැකකරුවන් ලබන 09 වනදා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද අල්ලස් කොමිසමට නියම කර තිබේ.

