අභියාචනාධිකරණ නියෝගයක් නිසා : බැසිල්ගේ සිල්රෙදි නඩුව කල් යයි

අභියාචනාධිකරණ නියෝගයක් නිසා : බැසිල්ගේ සිල්රෙදි නඩුව කල් යයි

 දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් යොදා  ගනිමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රූපය  ඇතුළත් ලිත් පනස් ලක්ෂයක්  මුද්‍රණය කර  බෙදාහැරිමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ සහ විත්තකරුවන්ට එරෙහි නඩුව ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (04)  නියෝග කර ඇත.

ඒ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු අතර අදාළ නඩුව  අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේය.

එහිදී  විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වාදී ඇත්තේ එම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනිම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් ලබන 09 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවය.

මේ හේතුවෙන් නඩු විභාගය සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා අදාළ  නඩුව ජුනි මස 17  වනදා දක්වා කල්තැබිමට නියෝග කර ඇත. 

මහින්දානන්දගේ නඩුවේ සාක්ෂි විභාගයත් කල් යයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය  ජුනි මස  06 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

ඒ අද(04) දින අධිකරණ සේවා කොමිසම  නිල කටයුත්තක් යෙදී ඇති බැවින් නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන බවට  කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ඒ අනුව නඩු විභාගය ජුනි මස 06 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න