අල්ලස් හා දුෂණ නඩු විසදීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ අධිකරණයක් පිහිටුවිවිමට අදාළ නෛතික කටයුතු සිදු කරමින් තිබෙන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සඳහන් කරයි.
අල්ලස් හා දුෂණ නඩු විසදීම වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් මෙම විශේෂ අධිකරණයක් පිහිටුවිමට තීරණය වී ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට අවශ්‍ය බව එම කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ සඳහන් කර ඇත.
ඊට අමතරව වත්කම් හා බැරකම් හෙලි නොකරන රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින්ගෙන් අය කරනු ලබන දඩ මුදල ඉහළ දැමීම සදහා වු නීති කෙටුම්පත් කිරිම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවත් දැනගන්නට ඇත.

