ලංකාවටම බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
මෙහිදී පොළොන්නරුව, අනුරාධපුර, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ජනතාවට ඒ පිළිබඳ දැඩි අවධානයකින් සිටින ලෙසද දැනුම්දී ඇත.
එසේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ සිටීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත්වීම, කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොතැබීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු උපදෙස් රැසක් එම නිවේදනය හරහා මහජනතාවට දැනුම්දී ඇත.

