ඇමැතිවරු රැසක් කනස්සල්ලෙන් : ඇතැමුන් තනතුරු අතහැරීමේ තින්දුවක !

ඇමැතිවරු රැසක් කනස්සල්ලෙන් : ඇතැමුන් තනතුරු අතහැරීමේ තින්දුවක !

සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ සිවුවැනි කැබිනට් සංශෝධනයෙන් පසු තනතුරු හිමි වූ ඇමැතිවරු අතුරින් බොහෝ දෙනකු දැඩි කලකිරීමට පත්ව තනතුරු අත්හරින තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආණ්ඩුවේ ඉහළපෙළේ ආරංචි සඳහන් කරයි.

මෙසේ කලකිරීමට පත්ව සිටින ඇමැතිවරු පිරිසක් ඇමැති තනතුරු අත්හැර මන්ත්‍රිවරු ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කරන බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දහසය දෙනකු තනතුරු අත්හැර දමා විපක්ෂයේ අසුන් ගැනීම ගෙනහැර දක්වමින්, ඔවුන් ඉදිරි මැතිවරණවලදී ඡන්ද දායකයන් අතරට යෑමට මඟ පාදා ගැනීමක් කරගෙන ඇති බව මේ සාකච්ඡාවලදී අවධාරණය වූ බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමැතිවරයෙක් පැවැසීය.

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු අතරද මේ කලකිරීම පවතින බවත් ඔවුන්ගෙන් කිහිපදෙනකුද තනතුරු අතහැර විපක්ෂයේ අසුන් ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමු වී ආශීර්වාදය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවටත් වාර්තා වෙයි.

image 1493858827 074e3b55b8                                                                                             පියසේන ගමගේ දැඩි තීරණයක : රාජ්‍ය ඇමතිධුරය ප්‍රතික්ෂේප කරයි 

මේ වන විට තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමැති පියසේන ගමගේ තම කලකිරීම ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව ජාතික ආණ්ඩුව නියෝජනය කරනු ලබන තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 7, 8 දෙනකුම සිටින්නේ දැඩි කලකිරීමකින් බව රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා කියා සිටියි.

එහෙයින් අද හෙටම 'තීරණයක්' ගන්නා බවත් ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පිරිසක්ද ඇමැති පදවි පිළිබඳ පවතින කලකිරීම පදනම් කරගෙන ඇමැති තනතුරු අතහැර විපක්ෂයට පැමිණ ස්වාධීනව කටයුතු කිරීමට එක්තරා නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කොළඹ පිහිටි නිවෙසේදී සාකච්ඡා පවත්වා ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු තනතුරු අත්හැර විපක්ෂයේ අසුන් ගතහොත් පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ බරපතළ අර්බුදයක් හටගැනීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය මඟහැරවීම සඳහා යළිත් ඇමැති මණ්ඩල සංශෝධනයක් ඇති කිරීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතින බවද ඔවුහු සඳහන් කරති.

(මුලාශ්‍රය - මව්බිම)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න