විද්‍යාත්මක බෙදිල්ලෙන් රාජපක්ෂලාට භායානක තත්ත්වයක් උදාවෙන්න පුළුවන් - දීප්ති

විද්‍යාත්මක බෙදිල්ලෙන් රාජපක්ෂලාට භායානක තත්ත්වයක් උදාවෙන්න පුළුවන් - දීප්ති

නව අමාත්‍ය මණ්ඩල  සංශෝධනය සිදුකර ඇති විද්‍යාත්මක බෙදීම ගැන කතා කරමින් සිටියත් මෙම විද්‍යාත්මක බෙදිල්ල හමුවේ ඉදිරියේදී  රාජපක්ෂවරුන්ට භායානක තත්ත්වයක් උදාවිය හැකි බව පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළකර සිටියේ voicetube.lk සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්ය.

එහිදී පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සිදුකළ අදහස් දැක්වීම මෙසේය.

මාධ්‍ය කරුවන් හැම තැනම අහුව ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ බෙදුම්කඩනයේ විද්‍යාව කියන්නේ කියලා. ඇත්තටම ලංකාවේ දේශපාලනය කරන අය විතරයි ඒ විද්‍යාව කියන වචනයේ තේරුම දන්නේ.

මේතන විද්‍යාව කියන්නේ අපි මේ ඉස්කෝලවල්වල ඉගෙන ගන්න විද්‍යාව නෙවෙයි. මේ විද්‍යාව හරි අමුතු විද්‍යාවක්. මේක ඇත්තටම විජ්ජාවක්. 

ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය පක්ෂ දෙකේම නායකයෝ දන්නවා තමන්ගේ පක්ෂ තුළ ඉන්නවා දේශපාලන වර්ග දෙකක්. එක කට්ටියක් තොරතුරු මත රඳාපවතින අය.

තොරතුරු තාක්ෂණය කිවොත් වැරදි නැහැ. අනිත් අය දැනුම knowledge එක මත පවතින අය.

තොරතුරු මත රඳාපවතිනව කිවුවේ කේලම්.  නිසි වෙලාවෙදි ඒ කේලම් ටික ගානට කියන අය. ඒ කේලම් පතුරවන අය, මිනිස්සු කොටවන අය. ඒ විදිහට ඒ ගේම් එක ගානට ප්ලේ කරන කට්ටිය.

අනිත් කට්ටිය තමයි තමන්ගේ අමාත්‍යාංශය තුළ තමන්ගේ දැනුමෙන් බුද්ධියෙන්, තමන් අවට බුද්ධි මණ්ඩල තියාගෙන තමන්ගේ අමාත්‍යාංශය මෙහෙයවන පිරිස.

මම හිතන්නේ ජනාධිපති තුමත් අගමැති තුමත් දැනගෙන හිටියා ලබන අවුරුද්දේ මුහුණ දෙන ප්‍රධාන වැතිවරණයේදී විද්‍යානුකූලව මේ දෙගොල්ලන්ට වර්ග කරල අමාත්‍යාංශ බාර නොදුන්නොත් විද්‍යාවත් අරගෙන දුවන්න තමයි වෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නෙ මේ පදනම ලබාදුන්නේ කල්පනා කරල බුද්ධියෙන් වැඩ කරන අයට අමාත්‍යාංශ දීල තියෙනවා. සමහරක් ඒවා හැලිල තියෙනවා. තොරතුරු තාක්ෂණය මත පදනම් වෙච්ච දේශපාලඥයන්ට ඒ ඒ අමාත්‍යාංශ බාර දීල තියෙනවා. ඉතින් කවුද කියන එක මට කියන්න බැහැ.

මහින්ද රාජපක්ෂ මහත්තයා විහිළුවට වගේ කියල තිබුනා. ඇමති මණ්ඩලය පත්කරල තියෙන්නේ විද්‍යාව මත පදනම්වෙලා, ඒ නිසා හරියටම වනජීවි අමාත්‍යාංශය බාර දීල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්මයට කියලා. ප්‍රශ්නෙ තියෙන්නේ මේකයි. කවුරුත් දන්නවා ඒ අමාත්‍යාංශය කලින් භාරදෙන්න හිටියේ සරත් ෆොන්සේකා මහත්මයට කියලා. නමුත් ජනාධිපති තුමාට විවිධ ඉල්ලීම් කරලා හෙමීට ඒක වැළැක්වුවා.

ඇත්ත වශයෙන්ම සරත් ෆොන්සේකාට පොලිසිය සහ ඒ අමාත්‍යංශය නොදීම තමයි ඒ විද්‍යාව.  හැබැයි වනජීවී එක දෙන්න යන්නේ යම් ආකාරයකට මේ ප්‍රශ්න කල් දාගන්න. දැන් මොකක්ද එතකොට වෙලා තියෙන්නේ. අපි කවුරුවත් දන්නේ නැතුව වගේ, රාජපක්ෂවරුන්ගෙන් සමහරුන්ට, හැමෝම නෙවෙයි කෙලෙහෙගුණ අමතකවෙලා යනවා.

කෙලෙහෙගුණ අමතකවෙලා ගියහම දැන් මේක කරේ කවුද කියලත් අමතක වෙලා යනවා. පස්සේ මාධ්‍යවලින් පොඩි කින්ඩියක් දානවා සරත් ෆොන්සේකා මහත්මයට තමයි සත්තු බාරදීල තිබෙන්නේ කියලා. හැබැයි මේ ගොල්ලොම තමයි 2009 විතර ලෝකේ ඉන්න හොඳම හමුදාපතිවරයා සරත් ෆෝන්සේකා කියලා කිවුවේ.

ඉතින් ඒක නිසා ඒ ඒ බනිස් ගෙඩියට ඒ ඒ කෙහෙල්ගෙඩිය හරියනවා වගේ ඒ මහත්මයට මේ වෙලාවේ චූන් එකට තමයි ඒ අදහස කියලා තියෙන්නේ.

නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා දැනගතයුතු දෙයකුත් තියෙනවා මේකෙ ඇතුලේ. අර මම කියපු ආකාරයට විද්‍යාත්මකව මේක බෙදලා තියෙන නිසාම මේකෙ ඇතුලේ වෙනද වගේ පිස්සු නටන්නේ නැතුව යන්න ගත්තොත් මේක එතුමන්ලාටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද විද්‍යාව නැමැති බල්ලා රාජපක්ෂවරුන්ගෙත් පස්සෙන් පන්නන්න ගත්තොත් එහෙම මේ අවුරුද්දේ මැදවෙනකොට භයානක තත්තවයක් උදාවෙන්නත් පුලුවන්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න