ෆයිසර් වැඩ අල්ලයි : ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ගෙදර යවයි

ෆයිසර් වැඩ අල්ලයි : ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ගෙදර යවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.පී. හේරත්  සේවය අත්හිටුවීමට නව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කටයුතු කර තිබෙන බව ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

අද (05) දින ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා උපදේශකයින් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට පොහොසත් වීම අදාළ ඉවත් කිරීමට ආසන්නතම හේතුව බව එහි සඳහන්ය.

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට අද පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වන ජාතික කනිෂ්ට මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙක් සහ ක්‍රීඩා පුහුණුකරුවන් 15ක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නේවාසිකාගාරයේ රැඳී සිට ඇත.

ඊයේ (04) උදයවරුවේ සිට එහි විදුලිය සහ ජල පහසුකම් ඇණහිට ඇති අතර සවස් වනතුරුත් ඒ පිළිබඳ කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ක්‍රියාකර නැත. අවම වශයෙන් ඔහු එම ස්ථානයට පැමිණවත් නැත.

පසුව අමාත්‍යවරයා සිය කාර්ය මණ්ඩලය සමඟ පැමිණ කණ්ඩායම කොළඹ තරු 4 හෝටලයක රඳවන්නට කටයුතු කර ඇත. ක්‍රීඩා කණ්ඩායම මුහුණදුන් දුෂ්කරතාව ගැන කිසිඳු සැළකිල්ලක් නොදැක්වීම සහ උදාසීන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් වහාම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවා ඔහුව එම ධුරයෙන් නෙරපා හැරීමට අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න