විමර්ශන දෙකක් ඇති බව දන්වා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරව විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා නිර්දේශ කර ඇති නමුත් විමර්ශනයක් ඇතැයි කී පමණින් ඊට එකඟවීමට කොමිසමට නොහැකි බවත් ඔහුගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධ තීරණය එළඹෙන මැයි 10 වනදා ගැනීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ ඔහුට එරෙහිව එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් වත්කම් ඉපයීම් පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බව සඳහන් කරමින්ය.
පොලිස්පතිවරයාගේ මෙම නිර්දේශයට නීතියා හා සාමය අමාත්‍යාංශයද අනුමැතිය පළකර ඇත.
නමුත් ජාතික පොලිස් කොමිසම අවධාරණය කර ඇත්තේ රවී වෛද්‍යාලංකාර ට එරෙහිව පොලිසියෙන් කරන විමර්ශනයේ පෙත්සම ලැබී ඇත්තේ වසර දෙකකට පමණ පෙර බවත්, ඔහු මැයි මාසයේ විශ්‍රාම ගන්නා බව දැන දැනම එම විමර්ශනය අවසන් කර නොතිබීම ගැටලුවක් බවය. එබැවින් ඊට අදාළ ලිපි ලේඛන පරීක්ෂාකර බලා ඒ අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධව තීන්දුවක් ගැනීමට පොලිස් කොමිසම තීරණය කර ඇත.
වයස අවුරුදු 60 පිරීම හේතුවෙන් එළඹෙන මැයි 14 වැනි දාට විශ්‍රාම යෑමට නියමිත අතර ජාතික පොලිස් කොමිසමේ 10 වනදා නිර්දේශය මත ඔහුට සේවා දිගුවක් ලැබීම හෝ නොලැබීම තීන්දුවීමට නියමිතව ඇත.
මේ අතර පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පොලිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර අතර ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් මෙසේ විනය පරීක්ෂණය කල්දමා ඇති බවත් විනය පරීක්ෂණය අවසන් වන තුරු විශ්‍රාම පාරිතෝෂිකය හෝ මාසික විශ්‍රාම වැටුප නොලැබීමට සැලස්සවීම එහි අපේක්ෂාව වී ඇති බවය.
එසේම මේ වන විටත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු එම තනතුරුවලට පත් නොකිරීම පිටුපස ඇත්තේද ඔවුන් සමඟ පොලිස්පතිට ඇති පෞද්ගලික අමනාපය බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

