අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය තවත් ප්‍රමාද වෙයි : ඇමතිවරුන් නොසන්සුන්

අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය තවත් ප්‍රමාද වෙයි : ඇමතිවරුන් නොසන්සුන්

අමාත්‍ය මණ්ඩල විෂය පථ ගැසට් කිරීම තවදුරටත් පමාවීම සම්බන්ධව අමාත්‍යවරුන් බලවත් අප්‍රසාදයෙන් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩලය පත්කර අවසන් වූ නමුත් ගැසට් පත්‍රය පමාවීම මත අමාත්‍යංශ හරහා කිසිඳු  සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට නොහැකිවී ඇති බවත් විෂය පථ ගැසට් කරනු තුරු මුල්‍ය ප්‍රතිපාදන යෙදවීමට නොහැකිවීමට ඊට හේතුවී ඇත.

අමාත්‍ය මණ්ඩල අමාත්‍ය මණ්ඩල විෂය පථ ගැසට් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දීමට මෙම ඇමති පිරිස සුදානමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි. 

එසේම පසුගිය මාස 4ක පමණ කාලයක පටන් ජනතාවට දැනෙන සේවයක් සැපයීමට ආණ්ඩුව අසමත්ව තිබීමත් තවදුරටත් එය පමාවීම තුළ අමාත්‍යවරුන්ට කිසිවක් කිරීමට කාලයක් නොලැබෙන බව ඔවුන්ගේ අදහස වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි. 

ගැසට් එක ටිකක් ප්‍රමාද වෙනවා - ජනාධිපති ලේකම් කාර්යාලය 

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ විද්‍යාත්මක පදනමින් අමාත්‍යංශ සතු ආයතන බෙදීමේ අපේක්ෂාවෙන් එය වඩාත් පරිස්සමට සිදුකිරීම හේතුවෙන් අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය පමාවී ඇති බවය.

නමුත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් එම කටයුත්ත අවසන් කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වුවත් අමාත්‍යවරුන් සඳහන් කර සිටින්නේ තවත් වසර එකහාමාරක් වැනි ඉතාම කෙටි කාලයකින් ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත පසුබිමේ අමාත්‍ය විෂය පථ ගැසට් කිරීම ප්‍රමාදවීම බරපතල දේශපාලන අවාසියක්ද වන බවයි.

ජනතාවට දැනෙන යමක් නොකර මැතිවරණයකට යාම අවධානමක් බවත් වැඩ කිරීමට ප්‍රමාදවීමට හේතුව ලෙස විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍ය විෂය පථ බෙදීම දැක්වුවහොත් ජනතාවගෙන් තමන්ට අම්මා මුත්තා සිහිකර අසාගන්න සිදුවන බවද ඔවුන් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න