අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව අමාත්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත් එම පරිපූරක ඇස්තමේන්තු පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක සඳහන් කරයි.
ගෑස් මිල, කිරිපිටි මිල ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළගොස් තිබෙන වෙලාවක මේ ආකාරයෙන් පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉතා අසාධාරණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එසේම ඒ සඳහා සහයදීම විපක්ෂයේ සියළු දෙනාගේ වගකීම බවත් දැනට ජාතික ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 10 දෙනකු වත්මන් ආණ්ඩුව ගැන දැඩි කලකිරීමකින් පසුවන නිසා එම දහදෙනාද මේ පරිපූරක ඇස්තමේන්තුවලට විරුද්ධ වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

