රාජ්‍ය සේවයේ මෙන්ම අනෙකුත් සියලූ අංශවල තිබෙන දූෂණය සහ අල්ලස වැළැක්වීමට සහ මුලිනුපුටා දැමීමට රජයක් ලෙස ගතයුතු සියලූ තීන්දු තීරණ නොපැකිළිවම ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අල්ලස සහ දූෂණය වෙනුවෙන් කිසිදු බේදයකින් තොරව සහ කිසිවෙකුට සමාවකින් තොරව නීතිය නිසි ලෙසම කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇති බවය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ අදහස් දක්වා ඇත්තේ අද (05) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරිම් උත්සවය අමතමිනි.
මෙහිදී ජනාධිපතිවරයා දැක්වූ වැඩිදුර අදහස් එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
ජනතාවගේ වෛරයට, ද්වේෂයට හා පිළිකුලට ලක්වන අයුරින් කිසිදු අවස්ථාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් වැඩ නොකළ යුතු බවයි. එමෙන්ම යහපත් මෙන්ම නිවැරදි සමාජයක් ගොඩනැගීමට රාජ්‍ය සේවය සෑම විටම අල්ලසින් තොර විය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
තමා ඇමතිවරයෙක්ව කටයුතු කළ අවධියේ මෙන්ම ජනාධිපති ධූරයේ ඉකුත් වසර 03 පුරාවට ද අල්ලස දූෂණය, වංචාව, සොරකම, නාස්තිය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම වෙනුවෙන් කිසිදු බේදයකින් තොරව ගතයුතු සියලූ තීන්දු තීරණ ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.
මහබැංකුව පිළිබද පත්කළ ජනාධිපති කොමිසමේ කටයුතු නිසි ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කළා සේම ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳසොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමද ඉදිරියේදී බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
ලොව පිළිගත් සේවාවක් බවට පත්ව ඇති අපගේ සෞඛ්‍ය සේවාව අල්ලසෙන් තොර සේවාවක් වීම පිළිබඳවද මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සඳහා කළයුතු සෑම කැපකිරීමක්ම සිදුකරන බවද අවධාරණය කළේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරිණි.
මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන සුවිශේෂී සේවාව අගයමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් ඇතුළු පිරිස වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය සේවාවේ ඉදිරිගමන වෙනුවෙන් ජනාධිපතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

