එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරයි ! 

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරයි ! 

එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ ප්‍රතිසංවිධාන කටයුත්තට විරෝධය පළකිරීමක් වශයෙන් එම පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් රෝගී තත්ත්වයක් දක්වා හෙට (06)   කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත  මැයි දින සැමරුම වර්ජනය කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට මැති ඇමතිවරු කිහිපදෙනෙකු ඒ සම්බන්ධව සාකච්ඡා කර මෙම තීන්දුව ගෙන ඇත.

Aluwihare rපක්ෂ අර්බුද නිසා මැයි සමරුම වර්ජනය කරනවා - රංජිත් අළුවිහාරේ 

අද (05) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ සඳහන් කර සිටියේ පක්ෂයේ පවතින අර්බුද සම්බන්ධව විරෝධය පළකිරීමක් වශයෙන් තමන් ඇතුළු මාතලේ ජනතාව එජාප මැයි දින සමරුව වර්ජනය කරන බවය.

එසේම පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් එසේ නොමැතිව ඉදිරි පළාත් සභා මැතිවරණය හෝ ජයගන්නට අවස්ථාවක් නොමැති බවද ඔහු සඳහන් කර සිටියි.
තවද එළඹෙන ජනාධිපතිවරණයකදී පක්ෂයට තම නායකයා හැර වෙනත් නායකයකු ආනයනය කරන්නට සිදුවුවහොත් තමන් පක්ෂයෙන් ඉවත්වන බවද ඔහු පවසා ඇත.

එසේම රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන්ගේ අසනීප තත්ත්වය හේතුවෙන් මැයි දින සැමරුමට සහභාගීවීමට සිදුනොවන බව මාධ්‍ය වෙත අනාවරණය කර ඇති බවද වාර්තා වෙයි.

akila wiraj kaaiyawasam 1000pxපු

පුනරුදයක ඇරඹුම හෙට අරඹනවා : හැමෝම එන්න - අකිල

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය හෙට දින උදෑසන පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවත් ඒ සඳහා සැමට ආරාධනා කරන බවත්ය. 

එසේම විදෙස් ගතව සිටින මැති ඇමතිවරු කිහිපදෙනෙකු ඇතුළුව අනෙක් සියළු දෙනා මෙම අවස්ථාවට එක්වීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි. 

තවද පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් දියත් කරන බවත්  පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ, මියගිය නායකයින් සිහිපත් කරමින්, පාක්ෂිකයන් මෙන්ම සමස්ත ජනතාවට සෙත්පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ හීල් දානමය පින්කමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න