Language Switcher

V2025

සජබ රණවිරු සම්මේලනයට ෆොන්සේකා නෑ !

ඔන්න ජවිපෙ නායක අනුර කරන එකම කරන්න අරගෙන තියෙන , සජබ නායක සජිත් පහුගියදා සජබ රණවිරු සම්මේලනයකුත් පැවැත්වූවා. හරියටම කිව්වොත්, ජනවාරි 20 වෙනිදා , කළුතර පැනරාමා උත්සව ශාලාවේදී තමයි වැඩේ තිබුනේ.

ඔය රැස්වීමට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් සැලකිය යුතු පිරිසක් ඇවිත් ඉඳලා තිබුනා. කළුතර රැස්වීම සංවිධානය කරලා තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා..

නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට හිටපු නැති එක සජබේ සමහරුන්ටත් ප්‍රශ්නයක් වෙලා.

සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායකයා ළඟට සිටින ජ්‍යෙෂ්ඨතම තනතුර දරන්නා .. ඒ විතරක් නෙමෙයි, 30 වසරක යුද්ධය ජයග්‍රාහී ව නිමා කරන්නට නායකත්වය ලබා දුන් යුද හමුදා සෙන්පතියා .. එහෙව් එකේ රණවිරු සම්මේලනයට ෆොන්සේකා නෑ ..

මෙම රණවිරු බලවේගය හදලා තියෙන්නේ , සරත් ෆොන්සේකා යටතේ නෙමෙයි.. සජබ මහ ලේකම්වරයා යටතේ කියලයි ආරංචි.

යුධ සෙන්පතියෙකු ලෙස මහජනයා අතරෙ ෆොන්සේකාට ඇති ජන ප්‍රසාදය සජබ නායකයාට ප්‍රශ්නයක් වෙලා කියලයි සමහරු කියන්නේ.

කලක පටන් ෆොන්සේකා රැස්වීම් තියන්නේ වෙනම... සජිත්ගේ ‍රැස්වීම්වලට ෆොන්සේකා එන්නේ නෑ . කොටින්ම ෆොන්සේකා, සජිත්ගේ නායකත්වය පිළිගන්නේ නැ..

ඒ අස්සේ ෆොන්සේකාත් ජනාධිපති අපේක්ෂකයෙක් විදියට එන්න යනවා කියලා කතාවකුත් යනවා.

  • දේශපාලන වාර්තාකරු