බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනයට ගිවිසුමක්

බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනයට ගිවිසුමක්

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹලාණ්ඩුව බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර අද (08) සිදු කළේය.

මෙම ව්‍යපෘතිය සඳහා ලංසු කැඳවීම විදුලිබල මණ්ඩලය විසින් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස සිදු කරන ලැබූ අතර 2023 වර්ෂයේ තාක්ෂණික සහ මුල්‍ය කටයුතු අධ්‍යනය කර 2023 වර්ෂයේ අවසන අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද සමාගමට ප්‍රධානය කරනු ලැබුණි. 

එම සමාගම මගින්ම එහි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් කිලෝ මීටර් 27.5ක් සංවර්ධනය කෙරේ. 

රිවිදනවී සමාගම කොටස්කරුවන් වන ලක්දනවි සමාගම, වින්ඩ් ෆොස් සමාගම සහ සිංගප්පුරුවේ බ්ලු සිර්කල් පෞද්ගලික සමාගම ඒකාබද්ධව සැදුම්ලත් සමාගමක් වේ. 

මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 132ක් පමණ වේ. 

download 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න