අලුත් ගමනක් වෙනුවෙන් සුගීශ්වර ගෝඨාට සමුදෙයි !

අලුත් ගමනක් වෙනුවෙන් සුගීශ්වර ගෝඨාට සමුදෙයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ලේකම් ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමන් අදහන දේශපාලන දහම අනුව අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙලක් සමඟ එක්ව කටයුතු කිරීමට අදහස් කරන බව දක්වමින් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත.

මේ වන විට සුගීශ්වර බණ්ඩාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ප්‍රමුඛ නව සන්ධානය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියි.

එම නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස සුගීශ්වර බණ්ඩාර මේ වන විට කටයුතු කරන බවත් ලබන 24 කොළඹ පැවැත්වීමට නියමිත එම සන්ධානයේ දෙවැනි රැළියේ සම සංවිධායක වගකීම ද දරන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ සුගීශ්වර බණ්ඩාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ලේකම් ධූරය දරමින් සිටින අතර තුර දැඩි රාජපක්ෂ විරෝධයක සිට කටයුතු කරන නව සන්ධානය සමග ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය හමුවේ අවස්ථා කිහිපයකදීම විරෝධය පලකර තිබූ බවය.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් සුගීශ්වර බණ්ඩාර වෙත එල්ලවී නැති බවත් දැනගන්නට ඇත.

සිය ඉල්ලා අස්වීම දැනුම්දෙමින් සුගීශ්වර බණ්ඩාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වෙයි .

asweema

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න