ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට මුදල් කමිටු කිහිපයක් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .
ඒ මහ බැංකු සේවකයින්ගේ වැටුප ඔවුන් විසින් සියයට 70කින් ඉහළ නංවාගෙන ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බවද වාර්තා වෙයි .
මහ බැංකු නිලධාරීන් විසින් ඔවුන්ගේ වැටුප ඉහළ නංවාගෙන ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වුණි.
එම සිද්ධිය රට තුළ මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ පවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
