විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි .
එහි ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහිදී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වැනි දා උපයෝගිතා කොමිසම වෙත භාර දී තිබිණි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තු මෙවර සංශෝධනයේ දී අඩු කිරීමට මෙමඟින් යෝජනා කර ඇති බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
