ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරයි.
අදාළ නිවේදනයේ සඳහන් ආකාරයට මෙම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත .
එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
