රටට කරන්න ගොඩක් වැඩ තියනවා : 2020 දී විශ්‍රාම යන්නේ නෑ - ජනාධිපති

රටට කරන්න ගොඩක් වැඩ තියනවා : 2020 දී විශ්‍රාම යන්නේ නෑ - ජනාධිපති

ඇතැමුන් තමන් විශ්‍රාම ගන්නා දිනය ගැන විමසා සිටියත් තමන්ට රට වෙනුවෙන්  සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ  පැවැත්වූ   ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

මේ රටේ අවංක දේශපාලනය අවශ්‍යයි.රටට දූෂිතයෝ අවශ්‍ය නෑ.මිනිස්සුන්ට ආදරේ කරන දේශපාලන නායකයෝ අද නෑ.සමහරු සිහින දකිනවා 2020 ආණ්ඩු හදන්න. අපේ ආණ්ඩුවේ ඉන්න අයත් ඒ ගැන අයත් කතා කරනවා.අපේ ගමනට සුදුසු අය එකතු වෙන්න. ජාතික සමඟිය ගොඩනගන වැඩ සටහන කොතනද එතන අපි ඉන්නවා. 
බලය ගන්න හීන දකින අය දුප්පත් ජනතාව ගැන අවංක දුකක් නෑ.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි.මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න ඕනි.ප්‍රශ්න වලින් ලිස්සලා යන්න දේශපාලඥයින්ට බෑ.  ඒ දේ ආණ්ඩු හදන හා හදන්න ඉන්න අය තේරුම් ගන්න.ජාත්‍යන්තරෙන් අපිට හොඳ සහයෝගයක් තියෙනවා.අපිව විශ්වාස කරනවා.ඒකෙන් අපි වැඩක් කර ගන්න ඕනි.ඒ තුළින් රට සංවර්ධනය කරන්න ඕනි. දේශපාලඥයෝ බොරු නොකර වැඩ කරන්න ඕනි. එ සඳහා අවංක සාමූහික පිරිසක් ඕනි. අපි දුර්වල වෙලා කියනවා අපි දුර්වල වෙලා නෑ.ඒ ගමනට එකතුවෙන්න කියලා මම ආරාධනා කරනවා. පසුගිය සමයේ යුද අත්දැකීම් සමඟින් නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕනි. ජාතික සමඟිය ඇති කරන්න ඕනි. ඒ සඳහා වෘත්තීය සමිති හා කමිකරු පන්තියට කළ හැකි මෙහෙය විශාලයි. යුද්ධය ඉවරවෙලා අවුරුදු 10 ට ආසන්නයි. අපි ජාතීන් අතර සමඟිය ඇති කරන්න  ගොඩක් වැඩ කළා. සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය අපි තහවුරු කරලා තියෙනවා.

ජාතික සංහිඳියාව ගොඩ නඟන්න අපි කරපුවා ඇතැම් දේශපාලන කණ්ඩායම් අපහාසයෙන් උපහාසයෙන් විවේචනය කළා. අපි තේරුම් ගන්න ඕනි යුද්ධයෙන් තුවක්කුවලින් ප්‍රශ්න විසඳහන්න බෑ. මනුෂ්‍යත්වයෙන් ඕනි ප්‍රශ්න විසඳන්න. ඒක දියුණු සමාජයක ලක්ෂණයක්. අපි ඒ සඳහා කැප වෙන්න ඕනි. දේශපාන පක්ෂ වගේම දේශපාලඥයින් අවංක වෙන්න ඕනි. ඒක අපි ක්‍රියාවෙන් පෙන්නන ඕනි. බලය ලබා ගන්න නොයෙකුත් අය විවිධ දේ කියනවා මවා පෙන්නනවා. බලය ලබා ගැනීමේ සිහිනවල බොහෝ අය ඉන්නවා.
නමුත් ජාතික සමඟිය ගොඩනඟන්න කී දෙනෙක්ගේ අවංක කැප කිරීමක් තියේද කියලා මට කියන්න. මේ ප්‍රශ්න අළුයට ගිනි වගෙයි.නැවත තුවක්කු අතට ගන්න යුගයක් වැළැක්විය යුතුයි. අපි විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කළා. අඩුපාඩු ඇති. නමුත් අපි ශක්තිමත් ගමනක් යා යුතුයි.රටට ආදරේ නම් දේශපාලන නායකයින් ස්ථිරව ජාතික සමඟිය ඇති කරන්න කැප වෙන්න ඕනි.

මේ පිළිබඳව අපි කැපවීමෙන් වැඩ කරන්න ඕනි. ඒ කැපවීම් පෙන්නුම් කරන්න ඕනි.රට වෙනුවෙන් වගකීමෙන් වැඩ කරන්න ඕනි. වෘත්තීය සමිති ජන කොට්ඨාසවලට මම ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික සමඟිය ඇති කරන්න එකතු වෙන්න කියලා. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගොඩාක් තියේ. අපි පසුගිය කාලේ විශාල වැඩ කොටසක් කළා.දැනුමෙන් බුද්ධියෙන් අත්දැකීමෙන් ඕනි ප්‍රශ්න විසඳන්න. ඒ සඳහා එකතු වෙන්න. බලයට පමණක් ජනතාව රවට්ටන්න එපා. ඇතැම් කණ්ඩායම් එහෙම කරනවා.සමහරු බලය ගන්න හදනවා වැඩ පිළිවෙළක් නැතුව. රටට අලුත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් අවශ්‍යයි. අපි ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න