19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීමට නොහැකිව ඇතුවා මෙන්ම පාර්ලිමේන්තුව විසුරවා හැරීමටද නොහැකිවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සඳහන් කරයි.
ගම්මන්පිළ මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ සංවිධානය කරතිබූ මැයි දින රැළිය අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ 2019 තම පාර්ශවය ආණ්ඩු හදන්නේ නැවත ගෙදර යැවීමට නොහැකි ආකාරයට බවත් එදා තම පාර්ශවයේ ආණ්ඩුව කාපු කිසිඳු නිල මැස්සෙකුට එම ආණ්ඩුවේ වහන්න ඉඩ නොතබන බවත්ය.
එසේම ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එජාප මැයි දින රැළියේදී රනිල් අගමැතිවරයා 2020 එජාප තනි ආණ්ඩුවක් හදන බව පවසා ඇතත් ඔහුට එම ආණ්ඩුව හදන්න වන්නේ වැලිකඩ හිරගෙදරදී බවද මන්ත්‍රීවරයා පැවසීය.

