Language Switcher

V2025

කතානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 75ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.