Language Switcher

V2025

කෙහෙ­ළිය වෙනු­වෙන් පෙනී සිටින්නේ නෑ - නීති­ප­ති

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියා­ප­දිංචි නොකළ ඉන්දි­යාවේ සමා­ගම් දෙක­කින් ඖෂධ මිල දී ගැනී­මට තීර­ණය කිරී­මට එරෙ­හිව ගොනු කර ඇති පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­කාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු පිරි­සක් වෙනු­වෙන් තමා පෙනී නොසි­ටින බව නීති­ප­ති­ව­රයා ඊයේ (22) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් ශ්‍රී ලංකා සංවි­ධා­නය ගොනු කළ මේ පෙත්සම කැඳවූ අව­ස්ථාවේ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­ස්ටර් ජෙන­රාල් නිර්ම­ලන් විග්නේ­ශ්ව­රන්  මේ බව දන්වා සිටි­යේය.

ජයන්ත ජය­සූ­රිය, ගාමිණි අම­ර­සේ­කර, ඒ.එච්.එම්.ඩී. නවාස් යනගෙන්  සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මේ පෙත්සමෙ කැඳ­වන ලදි.

එහිදී අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා සඳ­හන් කළේ වග­උ­ත්ත­ර­කාර ඉන්දීය ඖෂධ සමා­ගම වෙනු­වෙන් පෙනී සිටින බවයි. කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය පෙත්සම ජූනි 14 දා කැඳ­වී­මට තීර­ණය කළේය.

සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා ඇතුළු කැබි­නට් මණ්ඩ­ලය, ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම, රේගු අධ්‍යක්ෂ ජන­රාල්, පොලි­ස්පති, සැවො­ර­යිට් ෆාම­සි­ටි­යු­කල් ප්‍රයි­වට් ලිමි­ටඩ්, කෞෂික් තෙර­පි­යු­ටිස් පෞද්ග­ලික සමා­ගම සහ නීති­ප­ති­ව­රයා ඇතුළු 47 දෙනකු පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියා­ප­දිංචි නොකළ ඉන්දි­යාවේ සමා­ගම් දෙක­කින් ඖෂධ මිල දී ගැනී­මට සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා සහ කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියා­ව­ලි­යේදී අනු­ග­ම­නය කළ යුතු ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යට පට­හැ­නිව යමින් මේ තීර­ණය ගෙන ඇති අතර, සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා සහ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ ප්‍රධාන විධා­යක නිල­ධා­රියා මේ ප්‍රස­ම්පා­දන පටි­පා­ටිය අව­භා­වි­ත­යට ලක් කොට ඇති බව පෙත්ස­මෙහි දැක්වේ. ජන­තා­වගේ සෞඛ්‍යා­ර­ක්ෂිත සහ යහ­පැ­වැත්ම පිළි­බඳ තැකී­ම­කින් තොරව ගෙන ඇති මේ තීර­ණය මඟින් මහ­ජ­න­තා­වගේ මුදල් අව­භා­වි­ත­යට ලක් කරන බව­ටද පෙත්සම මඟින් චෝදනා කර ඇත.

මෙම­ඟින් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ12(1), 14(1)යන විධි­වි­ධාන මඟින් සහ­තික කර ඇති මහ­ජ­න­තා­වගේ මූලික මිනිස් අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන බවට තීන්දු­වක් දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. අදාළ ඖෂධ මෙර­ටට ආන­ය­නය කිරීම වැළැ­ක්වීමේ නියෝ­ග­යක් නිකුත් කරන ලෙස සහ මිල දී ගැනී­මට නිය­මිත ඖෂධ සඳහා ගෙවීම් සිදු කිරීම වැළැ­ක්වීමේ අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත.

නීතිඥ තුෂාරී ජය­ව­ර්ධනගේ උප­දෙස් මත නීතිඥ සේනානී දයා­රත්න  පෙත්සම් කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි­යේය.