ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබේ.

ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ජනවාරි 31 වන දින මෙම නඩුව සම්බන්ධයෙන් වසර 14 බැගින් සිර දඬුවම් නියම වූයේ, පෙබරවාරි මස 08 වන දා පැවති මැතිවරණයට සතියකට පෙර ය.

දින 10කින් ආරම්භ වන ඊද් නිවාඩුවෙන් පසු නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් මෙම යුවළගේ දඩුවම අත්හිටුවන බව ඉස්ලාමාබාද් මහාධිකරණය අද (අප්‍රේල් 01) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

2018 සිට 2022 අප්‍රේල් දක්වා අගමැති ධූරයේ සිටි අවධියේ තමන් වෙත ලැබුණු පකිස්ථාන රුපියල් මිලියන 140කට වඩා වටිනාකමකින් යුතු රාජ්‍ය ත්‍යාග විකුණා ඉපැයූ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි ඉම්රාන් ඛාන් වෙත චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව පකිස්ථානයේ දූෂණ විරෝධී ඒජන්සිය විසින් ගොනු කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න