Language Switcher

V2025

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් 5 වැනි සැකකරුව මීට පෙර ඇප මත මුදාහැර ඇති බවත් ය.

එසේම 10 වන සහ 11 වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එතෙක් ඔවුන්ව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම නඩුව සඳහා සැකකරුවන් 11 දෙනෙක් සිටින අතර ඉන් 09 වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදෙස් ගතව සිටින බව සඳහන් ය.