2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5% ක් දක්වා අඩු වී ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ 2024 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයේ මේ බව සඳහන් වෙයි.
ඊට අනුව 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී ද 5.0% ක් ලෙස නොවෙනස්ව පවති.
එමෙන්ම, 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී 0.7% ක් දක්වා අඩු වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
