වෙල්ගමගේ 'පුරුෂ ශක්තිය' ගැන මහින්ද 'තෙල' බෙදයි

වෙල්ගමගේ 'පුරුෂ ශක්තිය' ගැන මහින්ද 'තෙල' බෙදයි

වත්මන් ආණ්ඩුව සමලිංගික අයිතිවාසිකම නීතිගත කිරීමට සුදානම් වන බවත් එය රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට පටහැනි බැවින් ඊට තමන්ද විරුද්ධ නමුත් වුවමනාවක් තිබෙනවා නම් එය හොරෙන් ගෙවල් ඇතුලේ කරගත්තාට වරදක් නැති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශකර සිටියේය.

එම කතාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ බහු භාර්යා සේවනය ගැනද මහින්ද රජාපක්ෂ අදහස් දැක්වූ අතර එහිදී බහු භාර්යා සේවනය උත්කර්ෂයට නංවමින් ඔහු සඳහන් කර සිටියේ වෙල්ගම ඇමතිතුමාගේ එක බිරිඳක් හපුතලේ බවත්, අනෙක් බිරින්දෑවරු කොහෙදැයි තමන් කියන්නේ නැති බවත්ය.

එසේම බහු භාර්යා සේවනය අතින් තමන්ගේ පොදුජන පෙරමුණේ අය සමඟ ආණ්ඩුවේ අයට හැරෙන්නවත් නොහැකි බවද ඔහු සඳහන් කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසා සිටියේ ඊයේ (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් බදුල්ලේ පවත්වන ලද “දිනන සටන” රැළිය අමතමින්ය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සිය කතාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සමලිංගික අයිතිවාසිකම් සහ විවාහය නීතිගත කිරීමට විරුද්ධ නමුත්, සමලිංගික සේවනයට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බව හැඟවූ අතර ඒ වෙනුවෙන් යෝජනා කර සිටියේ සමලිංගික සේවනය රහසේ ගෙවල් තුළ සිදුකර ගත යුතුව ඇති බවය.

එමෙන්ම වෙල්ගම ඇමතිවරයාගේ බහු භාර්ය සම්බන්ධතා උත්කර්ෂයට නංවමින් තම පාක්ෂිකයින් ඉදිරියේ එය හුවා දැක්වීමට පසුබට නොවීම තුළින් හිටපු ජනාධිපතිවරයා බහු භාර්යා සේවනය එළිපිට සිදුකිරීමේ කිසිදු වරදක් නොමැති බව හැගවෙන ප්‍රකාශයක් මෙම කතාවේදී සිදුකර තිබේ.

මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමලිංගික සේවනය පන්සලේ මෙන් රහසේත්, බහු භාර්යා සේවනය එළිපිට සිදුකළ හැකි බවත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න