Language Switcher

V2025

පොහොට්ටුවේ නඩේ රන් ගොජ්ජු නොවීමට කළ යුත්තේ කුමක්ද ? - වීරකුමාර ලියයි

අත්තනෝමතික ලෙස දේශපාලනය තෝරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට කටයුතු කළහොත් නියත වශයෙන්ම 2020 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවත් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එම පාපකර්මයට මේ මොහොතේ ශ්‍රීලනිප ය බෙදීමට උත්සාහකරන සියළු දෙනා වගකිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස විවෘත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම මේ මොහොතේ අධිරාජ්‍ය විරෝධී බලවේගවල දේශාපලන උපායමාර්ගය විය යුතුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ පරාජය කොට අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රය පරාජය කරන තැනට බලවේග එකතු කර, එය කරන්නේ කෙසේද යන්න ජනතාව වෙත ගෙනයාම මිස වෙනත් කරුණක් නොවන බවද මන්ත්‍රීවරයා නිකුත් කල නිවේදනයේ අවධාරණය කර ඇත.

තවද සැබෑ ජනතාවාදී නායකයින්ට ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ නොහැක්කක් තිබිය නොහැකි බවත් ඒ වෙනුවෙන් යන්නට බැරි තැනක්, නමන්න බැරි හිසක්ද නොතිබිය යුතු බවද සිය නිවේදනය හරහා මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

එසේ නොකර අද දවසේ වැරදි දේශපාලන තීන්දු ගතහොත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළුදෙනාට සිදුවන්නේ “2020 වසර වන විට සියළු දෙනා රජවීම කෙසේ වෙතත් “රන් ගොජ්ජු” ව සිටින්නට බවද මන්ත්‍රීවරයා නිකුත් කල නිවේදනයේ සඳහන්ව ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නිකුත්කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

weera madya niwedanaya 1

weera madya niwedanaya 2

madya niwedanaya weerakumar 3

madya niwedanaya weerakumar 4

madya niwedanaya weerakumar 5

madya niwedanaya weerakumar 6

weera madya niwedanaya 7

madya niwedanaya weerakumar 8