පවතින අධික වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 9ක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂ සංවිධානය පියවර ගෙන තිබෙයි
ඒ අනුව අද පස්වරු 12 සිට හෙට පස්වරු 12 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි එම සංවිධානය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් 2 (ඇම්බර් වර්ණය) නිකුත් කරමින් අවදානයෙන් සිටින බව දන්වා තිබෙයි
අනතුරු ඇඟවීම් 1 විමසිලිමත් (කහ) වර්ණය නිකුත් කරමින්,
බදුල්ල දිස්ත්‍රික්කයේ – ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල,
කොළඹ දිස්ත්‍රික්කයේ – පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය,
ගම්පහ දිස්ත්‍රික්කයේ – අත්තනගල්ල,
කළුතර දිස්ත්‍රික්කයේ – දොඩන්ගොඩ, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කයේ – ගගවට කෝරළය, උඩුදුම්බර, යටිනුවර, උඩපලාත, උඩුනුවර, ගග ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ – යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ – අලව්ව, නාරම්මල, පොල්ගහවෙල
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, – රත්නපුර, ඉඹුල්පේ, කලවාන, කිරිඇල්ල, කුරුවිට, ඇහඅළියගොඩ, අයගම, ඇලපාත
යන දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙලෙස නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
