ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන අද (20) නිකුත් කළේය.
එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක ගොනුකළ සංශෝධිත පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු මෙම වාරණය නිකුත් කෙරිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ගේ සහ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක්ද දිසා විනිසුරුවරයා නිකුත් කළ අතර අදාළ වාරණ නියෝග ලබන 03වෙනි දින දක්වා ක්‍රියාත්මක වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
