IMF සමඟ ඉදිරියට යනවා : හරිනි මාලිමාවේ මතය කියයි !

IMF සමඟ ඉදිරියට යනවා : හරිනි මාලිමාවේ මතය කියයි !

ආර්ථිකය සිර නොකර ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත්තේ මහනුවර පැවති ජන හමුවක අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය මෙසේද සඳහන් කර ඇත.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා ජාතික ජන බලවේගයට ඉදිරියේදී ලැබෙන ජනවරම අනුව සමාලෝචනයට ලක්කර නව යෝජනා ඉදිරිපත් කරනවා. මේ වන විට ජනතාව මත අසීමිත ලෙස පටවා තිබෙන බර සම්බන්ධයෙන් මෙන්ම ණය කළමනාකරණය කිරීමේදී අපේක්ෂා කරන සහාය පිළිබඳව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ යුතුයි. ආර්ථිකය වර්ධනය කිරීමට සහ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීමට ක්‍රියාමාර්ග රැසක් ගත යුතුව තිබෙනවා. එයට බාධා වන ලෙස ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ රටේ ආර්ථිකය සිර කිරීමට ජාතික ජන බලවේගය සූදානම් නෑ. ජනතාවට බරක් නොවන ලෙස මේ ක්‍රියාවලි දෙකම සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි.

දිගින් දිගටම සමඟි ජන බලවේගය සමඟ කරන විවාදයේ එල්ලී සිටීමට නොහැකියි. එම විවාදය ජාතික ජන බලවේගය ඉල්ලූ එකක් නොවේ. ඔවුන් කළ යෝජනාවට අනුව අනුර සහෝදරයා වෙනුවෙන් පක්ෂය දින දුන්නා. සජබ ආර්ථික කවුන්සිලය හා විවාදයක් පැවැත්වීම ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර නෑ. ජනතාවට මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අදහස් නිසා එයට ප්‍රමුඛතාව දීමට තීරණය කළා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න