වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278කට ජනපති සමාව

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278කට ජනපති සමාව

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක  පැවසුවේ, ඔවුන් අද (23) නිදහස් කිරීමට නියමිතව ඇති බවයි.

නිදහස් කිරීමට නියමිතව ඇති කාන්තා රැඳවියන් ගණන 10කි.

ජනාධිපතිවරයා විසින් එම සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.

මේ අතර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් අද හා හෙට දින බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා ඇත.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක  පැවසුවේ, රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත්වන පරිදි පමණක් ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න