විමල්, උදය, තිස්ස, දිලිත් හමුවේ දමනය වෙලා : යහම්පත් වෙන්ඩ ජනාධිපතිට අන්දවලා !

විමල්, උදය, තිස්ස, දිලිත් හමුවේ දමනය වෙලා : යහම්පත් වෙන්ඩ ජනාධිපතිට අන්දවලා !

ඔන්න මෙච්චර දවසක් හැංගි හැංගි වෙසමුණු බැන්ද ජාතිකවාදී සෙට් එක ජාතිකවාදී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නලු යන්නේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පහුගිය දිනවල එච්චර පුවත් මැව්වේ නැති වුණත් ඔවුන් අද දේශපාලන කරලියේ කාගේත් අවධානය දිනා ගත්තා. ඒ 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය එක්ක සන්ධානගතවීම සමඟයි. 'සර්ව ජන බලය' කියලයි, මේ දේශපාලන ව්‍යාපාරය නම් කරලා තියෙන්නේ.

මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය තමයි මේ විදිහට එක සන්ධානයකට අද (27) කොළඹදී ගිවිසුම්ගත වුනේ.

ඔය ගැන අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් කියන්නේ ජාතිවාදී , ජාතිකවාදී , වාමාංශික කියලා බෝර්ඩ් ගහගෙන හිටපු මේ කවුරුත් කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර හමුවේ දමනය වෙලා කියලයි .

ඒ විතරක් නෙමෙයි, ඔය ජාතික කඳවුරේ ජනාධිපති අපේක්ෂිකාව විදියට, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් දාමු කියලත් යෝජනාවක් ඇවිත් ..

අද දිවයින පත්තරේ ඒ ගැන පොඩි ඉඟියක් තිබුනා.

රාජ්‍ය ඇමතිනි විශේඥ වෛද්‍ය සීතා අරඹේපොල ඍජුව ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තාවීමත් සමඟ, දැඩි රාජපක්ෂවාදීනියක වන අනුරාධා යහම්පත් , ජාතිකවාදී නව සන්ධානය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කර ගැනීමට සාකච්ඡා පවත්වන බව දිවයින වාර්තාකර තියනවා.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න