Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කලේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.