ෆොනීට රාජිතට වෙල්ගමට : සජබ එකට තියලා අනියි !

ෆොනීට රාජිතට වෙල්ගමට : සජබ එකට තියලා අනියි !

සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,  රාජිත සේනාරත්න හා කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ  උත්සවවලටත්  අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.

වාර්තා වන ආකාරයට පක්ෂ නායකත්වය සහ පක්ෂය සම්බන්ධයෙන් ඔවුන් දක්වන විවේචනාත්මක අදහස් ඊට හේතු වී තිබේ.

සජබ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට ද ඇතැම් පාර්ශ්ව යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ පිළිබඳව අවසන් තීන්දුවක් ඉදිරියේදි පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගැනීමට නියමිත බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න