රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ හරි : රාජිත සියලු  බලමණ්ඩල කැඳවා දැනුම් දෙයි !

රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ හරි : රාජිත සියලු  බලමණ්ඩල කැඳවා දැනුම් දෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ  සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න  පැවසීය.

එදා කවුරුත් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදුන්නේ නම් යුද්ධයට වන්නේ කුමක්දැයි කියාද මන්ත්‍රීවරයා ප්‍රශ්නකර සිටියේය.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත  සේනාරත්න මේ අදහස් දක්වා සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී ය.

සියලු බල මණ්ඩල කැඳවා තමා රටේ දැන් තත්වය ගැන පැහැදිලි කළ බව පැවසූ මන්ත්‍රීවරයා  යුද්ධ වෙලාවේදී තමා  එදා ආණ්ඩුවට  ගියේද තුන් සැරයක් බල මණ්ඩල කැඳවා බවද  ප්‍රකාශ කළේය.

“ ඒ ගියා වගේම තත්වයක් තමයි දැන් තියෙන්නෙත්. තවම මගේ  තීන්දුවක් නෑ.  තීන්දුව ගන්නකොට මම ඕගොල්ලන් ඔක්කොම ආපහු   කැඳවනවා කියලත්  කිව්වා. මේක කඩාකප්පල් කළොත් රටට ඇතිවන තත්වය ගැනත් මම ඒ අයට විස්තර කළා. එකඟ කට්ටිය ඉන්න අනෙක් කට්ටිය යන්න කියලත් තමන් පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .

තමා ආණ්ඩුවට යෑමට යම් විදිහකින් හෝ  තීන්දු කළොත් එතන රාජපක්ෂවරුන් සිටිනවානම් ඒක ප්‍රශ්නයක් වන බව ඔහු සඳහන් කළේය.

ප්‍රශ්නය – ඔබතුමා මේ වෙද්දි තීරණයක ඉන්නවා නේද අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට ජනාධිපතිවරණයේ දී සහාය දෙනවා කියලා.

පිළිතුර – “ඒක තාම එතුමා මාත් එක්ක කතා කරලාවත් නෑ. දැන් එදා ඔය විදියටම මහින්ද රාජපක්ෂලත් සහයෝගය නොදී මේවා සංශෝධනය කර කර හිටියා නම් මොකද්ද ප්‍රභාකරන්ට වෙන්නේ.”

ප්‍රශ්නය – මෙතෙන තියෙන්නේ ඔබ නොකියන ප්‍රශ්නය. ඔබතුමාට කවුරු හරි කිව්වාද දැන්ම ඔබේ නිවේදනය කියන්න එපා රටට කියලා.

පිළිතුර – “මේ ඔක්කෝම කිව්වා වගේ වේලාවල් බලලා. මගේ නිවේදනයක් තියෙනවා නම් ඒක නිවේදනය කරන්නෙත් වෙලාව බලලානේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න