පොහොට්ටුවේ මහ ලේකම් ප්‍රමුඛ සුළුතරය හැර අනිත් සේරම රනිල්ට - ඇමති ප්‍රසන්න 

පොහොට්ටුවේ මහ ලේකම් ප්‍රමුඛ සුළුතරය හැර අනිත් සේරම රනිල්ට - ඇමති ප්‍රසන්න 

එළැඹෙන   ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ විසින්  වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිටින්නේ  පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

පොදුජන පෙරමුණේ දැනට ඉතිරී සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවද  අමාත්‍යවරයා සඳහන් කරයි.

 ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදුනහොත් ඔවුන් පුද්ගලික මට්ටමෙන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා  පැවසීය.

දැනට  පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී නියෝජිතයන් සමඟ කරන සාකච්ඡාවලදී ද ඔවුන් බහුතරයක් ද ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දිය යුතු බව යැයිද පැවසූ අමාත්‍යවරයා, ජූලි 21 ගම්පහ පැවැත්වීමට නියමිත " එක්ව ජයගමු - අපි ගම්පහ " රැලිය ඊට සාක්ෂි දරනු ඇති බවද සඳහන් කළේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.