දිලිත්ගේ රොටිය වැඩ කරයි : ජනාධිපති අපේක්ෂකත්වය හිමිවෙයි : පාඩුව අනුරටයි !

දිලිත්ගේ රොටිය වැඩ කරයි : ජනාධිපති අපේක්ෂකත්වය හිමිවෙයි : පාඩුව අනුරටයි !

මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර ඇත.

ඒ එම සන්ධානයේ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ අද (04) පැවැත්වූ අවස්ථාවේදීය.

මෙහි වඩාත් සුවිශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයන් කිහිපදෙනකු සර්ව ජනබලය සන්ධානය නියෝජනය කරන පසුබිමක මීට පෙර ප්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය කර නොමැති ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ රොටී කමින් ව්‍යවසායකත්ව සමාජයක් ගැන කියූ කතා වැඩකර ඇති බවය. එසේම දිලිත් ජයවීර ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට පෙර සිට ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ දේශපාලනය දැඩිව විවේචනය කළ බවත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කාල සීමාව තුළ එම තත්ත්වය තවදුරටත් වැඩිවනු ඇති අතර එය මාලිමාවේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවත් ය. එසේම දැඩි ජවිපෙ හා මාලිමාවේ විවේචකයකු වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද මෙම සර්ව ජන බලය සන්ධානයේ විධායක කමිටුව නියෝජනය කරන බවද ඔවුන් සිහිපත් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න