ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය වෙනුවට තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව ඊයේ (17) රාත්‍රීයේ තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කර සිටින්නේ ජුනි 3 වැනිදාට එය සිදුකිරීමට නියමිතව ඇති බවත් පක්ෂයේ විධායක සභාව රැස්වී තාවකාලික නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමට නියමිත බවත්ය.
එසේම කඩිනමින් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කළ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මේ අතර එසේම අගෝස්තු 20 වැනිදා ට පෙර පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන බල මණ්ඩල කැඳවීමට එහිදී තීරණයවී ඇති බව වාර්තා වන අතර පසුව පක්ෂය වෙනුවෙන් ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත්කරන්නටද තීරණය වී ඇත..
එමෙන්ම ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් .ඩි.ජේ සෙනවිරත්න විසින් ඉදිරිපත් කර ඇති අතර නමුත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන දිනය තීරණය කළ හැක්කේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 23 දෙනාට බවය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු අගමැති දී.මු ජයරත්න ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිව සිටි බවද වාර්තා වෙයි.

