රජයට අය විය යුතු රු. කෝටි 346 ක් විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරගෙන

රජයට අය විය යුතු රු. කෝටි 346 ක් විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරගෙන

විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් සිය වැටුප් තලය අනුව අනිවාර්යයෙන්ම රජයේ බද්දක් ලෙස ගෙවිය යුතු ‘උපයන විට බද්ද ලෙස රජයට අය විය යුතු‘ රු. මිලියන 3465 ක් හෙවත් කෝටි 346 ක් විදුලි පාරිභෝගියකයින්ට දැරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ බව දන්වා සිටින අතර එහි තව දුරටත් දැක්වෙන්නේ විදුලිබල මණ්ඩලයේ 2015 වාර්ෂික වාර්තාවේ ‘උපයන විට බද්ද‘ රු.  මිලියන 2006 ක ගෙවීමක් ඇතුලත් වූ බවය.

මෙය නීති විරෝධී ගෙවීමක් බව විගණන වාර්තා පෙන්වා දී තිබුනු  නමුත්, විදුලිබල නිලධාරීන් විසින් දිගින් දිගටම මෙම බදු මුදල් වංචාව වසර 8 ක් මේ වන විට සිදු කර ඇති බවත් ඒ අනුව, 2010 සිට 2018 දක්වාම අඛණ්ඩව විදුලි ඉංජිනේරුවන් සහ විදුල බල මණ්ඩලයේ ඉහළම වැටුප් ලබන කණ්ඩායම විසින් ගෙවිය යුතු  රු. මිලියන 3465 ක් මේ වන විට

විදුලි පාරිභෝගිකයින් විසින් දැරීමට සිදුව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

එහි තවදුරටත් දැක්වෙන ආකාරයට, විදුලි ඉංජිනේරුවන් සහ ඉහළ කාර්ය මණ්ඩලය විසින් ගෙවිය යුතු නමුත් රජය විසින් ලබා දෙන මුදලින් නැවත භාණ්ඩාගාරය වෙත ගෙවා ඇති බදු මුදල් මෙසේය.

2010 සිට 2015 දක්වා             රු. මිලියන 2006      (රු 2,006,685,521)
2016 වසර                               රු. මිලියන 611
2017 වසර                               රු. මිලියන 676
2018 වසර                               රු. මිලියන 172
එකතුව                                     රු. මිලියන 3465
 
රු. ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නා විසින් ගෙවිය යුතු උපයන විට ගෙවීමේ බද්ද සෑම මාසික වැටුප් ලබන්නෙකු විසින්ම දැරිය යුතුය. ඒ බව 2001 මැයි 20 දින අංක 1706/18 දරණ දේශීය ආදායම් දෙපාර්තමේන්තු චක්‍ර‍ලේඛනයේ දක්වා ඇත. 

මෙම කරුණ හෙළි කිරීමෙන් පසුව, මුදල් අමාත්‍යාංශය විසින් 2016.04.29 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍ර‍ලේඛන 03/2016 මගින් මෙම ගෙවීම් නීති විරෝධී බව දන්වා ඇත.  මේ වන විට විදුලි බල  මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පමණක් ‘ජනතා බදු මුදලින් උපයන විට බදු ගෙවති.

එසේ තිබිය දී විදුලි ඉංජිනේරුවන් හා ඉහළ කාර්ය මණ්ඩලය පමණක් මහජන බදු මුදලි වංචා කරමින් තමන් විසින් ගෙවිය යුතු උපයන විට ගෙවීමේ බද්ද රජයේ අරමුදල් වලින් ගෙවීය පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විමතිය පළ කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න