දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට ලක්වන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර කටයුතු සඳහා ‘හයිෆො ඔක්සිජන්’ (highflow oxygen) යන්ත්‍ර කරාපිටිය හා මාතර රෝහල්වලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇති අතර වැඩි වේගයකින් සහ පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබාදීමට මෙම යන්ත්‍රවලට හැකියාවක් ඇති අතර, එහිදී හැකිළි ඇති පෙණහළු යළි විවරවීමක් සිදුවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරයි.
මෙම යන්ත්‍ර දේශීය මිල දී ගැනීම් යටතේ මිල දී ගැනීමට නියමිතව ඇත.
එසේම දකුණූ පළාතේ පවතින වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර දැනට ගාල්ල කරාපිටිය සහ මාතර මහ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

