ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් පසුගිය මැයි 13 වනදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවක දී නොරොච්චෝලේ බලාගාරයෙන් නිකුත් වන දුම සම්බන්ධයෙන් කළ හෙලිදරව්වකට පිළිතුරු වශයෙන් විදුලි බල මණ්ඩලය පාර්ශවයෙන් 16 ඩේලි නිවුස් පුවත්පතේ පළ කර ඇති ලිපිය "පට්ටපල් බොරුවක්" බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
ඩේලි නිවුස් පුවත්පතේ පළවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කරන අතර එහි පිටපතක් ඩේලි නිවුස් පුවත්පත වෙතද යොමුකළ බවද ඔහු සඳහන් කරයි.
"ඩේලි නිවුස් පුවත්පතේ CEB denies charges of ashes spreading to Sri Maha Bodhi ලිපිය සම්බන්ධයෙනි" යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම ලිපිය හරහා ආචාර්ය රනිල් සේනානයක දක්වා ඇති කරුණු මෙන්ම ඩේලි නිවුස් පුවත්පතේ මාධ්‍ය සදාචාරයද ප්‍රශ්න කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.
2017 ජූනි 30 න් පසුව පරිසර බලපත්‍රක් නොමැතිව, රටට බොරු කියමින්, නිලධාරීන්ට හා තොරාගත් පිරිසකට වරදාන දෙමින් දිගින් දිගටම නොරච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කරමින් සිටින විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති ඉහත නිවේදනය ‘පට්ටපල් බොරුව‘ කි.
අනෙක් අතට, ඩේලි නිවුස් පුවත්පත මෙම පුවත්පත් සාකච්ඡාවට සහභාගි නොවු අතර උක්ත ප්‍රවෘත්ති නිවේදනය සදහා ඉඩක් ලබා දුන්නේ ද නැත. මුලික ප්‍රවෘත්තිය පළ නොකරන, පුවත්පතක් එයට ප්‍රතිවිරුද්ධ අදහස පිළිතුර ලෙස පළ කරන්නේ ‘උපක්‍රමශීලි මාධ්‍ය භාවිතය‘ උදෙසාය. එය කුමන මාධ්‍ය සදාචාරයකට අනුකුල වන්නේ දැයි ලේක් හවුස් කර්තෘ මණ්ඩලය පැහැදිලි කරනු කරන්නේ නම් මැනවි.
1. පරිසර බලපත්‍රයක් නැතිව විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද? යන අප නගන මුලික ප්‍රශ්නයට ඔබ උත්තර දිය යුතුව ඇත. ඒ සදහා උත්තර දීම, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ගේ හා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ගේ ද, රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ගේ ද, ඇමති රංජිත් සියඹලාපිටිය ගේ ද වගකීමකි.
2. මෙම ලිපියේ මෙසේ කියයි. “The ITI also studied the air flow and the extent that these ashes would be swept away, they found that after a short distance, all the particles would have evaporated into thin air.”
• ජයවේවා! ඔබගේ ඔය විශේෂඥයින්ට 'cannot evaporate into thin air' සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි කළ හැකිනම් ඔවුන්ට නොබෙල් ත්‍යාග දිනාගත හැකි වනු ඇත.
• අප සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ නොරච්චෝල බලාගාරයෙන් විමෝචනය වන දුම ‘පුත්තලම සිට අනුරාධපුර දක්වා‘ වැටී ඇති රේඛීය මාර්ගයක ගමන් ගන්නා බව සහ ජය සිරි මහ බෝධිය පිහිටා ඇත්තේ එම මාර්ගයේ බවයි. ඔබලා මේ ලිපියේ ප්‍රකාශ කරන්නේ ‘අළු දමන ස්ථානය‘ පිළිබදව යි. පසුගිය සති කිහිපයේම නොරච්චෝලේ අළු හැලුවේ මහ මුහුදටය. එය නවතා දැමුවේ මැයි 8 දින, ‘වයඹ පරිසර අධිකාරය‘ පැමිණීමට පැය කිහිපයකට පෙරය.
• අද ලංකා ගල් අගුරු සමාගම (හා විදුලිබල මණ්ඩලය) එක් නැවකට රු. කෝටි 12 බැගින් වැඩි පුර ගෙවා දකුණු අප්‍රිකාවෙන් මිලදී ගන්නා ගල් අගුරු වල 15% ක් අළු තිබේ. අප දන්නා පරිදි දැන් නම් 9% ක් අළු සහිත ඉන්දුනීසියානු ගල් අගුරු විදුලි බල මණ්ඩලය මිල දී ගන්නේ නැත.
3. පසුගිය පෙබරවාරි 1 සිට මාර්තු 30 දක්වා කාලය තුළ නොරච්චෝල අදියර 1 එහි යන්ත්‍ර දින 60 න් දින 24 ක් FGD යන්ත්‍ර ක්‍රියාත්මක නොවීය. වෙනත් වචනයෙන් කියු විට, අදියර 1 දින 60 ම වසා තිබුණි. අදියර 3 හි, ESP දින 17 ක් ක්‍රියාත්මක නොවීය.
4. නොරච්චෝල බලාගාරයේ අපද්‍රව්‍ය මුහුදට හලන ස්ථාන 5 කි. ඒ 5 හි ම පිරිසිදු නොකළ මළ, කර්මාන්ත අපද්‍රව්‍ය, අළු, ගල් අගුරු, කුඩු මහ මුහුදට මුදා හරී. මෙම පිරිසිදු කිරීම් ස්ථාන අලුත්වැඩියාව සදහා මේ වන විට ටෙන්ඩර් කැදවා තිබේ.
5. විදුලිබල මණ්ඩලයට ඉතිහාසය පුරාවට මෙලෙස පට්ටපල් බොරු කියා ජනතාව, දේශපාලනඥයින්, රටම රවටා ඇත. අපට කියන්නට ඇත්තේ විදුලිබල මණ්ඩලයට ‘සදාකාලිකව සෑම දෙනාම රැවටිය නොහැකි බව‘ ය.
6. ඩේලි නිවුස් පුවත්පතේ උක්ත නිවේදනය විදුලිබල ඉංජිනේරු මාෆියාවත්, විදුලිබල මණ්ඩලයත් තවදුරටත් නිරුවත් කොට ඇති අතර පිළිතුරු දීමට අපට අවස්ථාව උදාකර ඇති බැවින් ඒ පිළිබද ස්තුතිවන්ත වෙමි.
සබැඳි පුවත්
පරිසර බලපත්‍රයක් නැති ගල් අගුරු බලාගාරයේ අපද්‍රව්‍ය සියල්ල මුහුදට !

