පරිසර බලපත්‍ර‍යක් නැති ගල් අගුරු බලාගාරයේ අපද්‍ර‍ව්‍ය සියල්ල මුහුදට !

පරිසර බලපත්‍ර‍යක් නැති ගල් අගුරු බලාගාරයේ අපද්‍ර‍ව්‍ය සියල්ල මුහුදට !

2017 මැයි 30 වන දින සිට පරිසර බලපත්‍ර‍යක් නොමැතිව ක්‍රියාත්මක වන නොරච්චෝලේ විදුලි බලාගාරයේ අපද්‍ර‍ව්‍ය පිරිසිදු කිරීමේ අංගන 4 ම මේ වන විට අක්‍රීය වී ඇතැයි ද, කිසිදු පිරිසිදු කිරීමකින් තොරව බැර ලෝහ ඇතුළු අපද්‍ර‍ව්‍ය මුහුදට මුදාහරින්නේ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. 

මධ්‍ය පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍ර‍රත්න පල්ලේගම වෙත ලිපියක් යොමු කර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසන්නේ ‘නොරච්චෝල ගල් අගුරු බලාගාරය 2017 මැයි 30 දින සිට අද දක්වා විධිමත් පරිසර බලපත්‍ර‍යක් නොමැතිව ක්‍රියාත්මක වන බවය.

එසේම   ලංකාවේ පරිසර බලපත්‍ර‍යක් නොමැතිව පුද්ගලික නිශ්පාදන කාර්යකක් හෝ සිදු කළ නොහැකි පරිසරයක දිනකට අළු ටොන් සිය  ගණනක් පරිසරයට මුදා හරිමින්, බර ලෝහ පරිසරයට මුදුහරිමින් පුත්තලම සිට අනුරාධපුර දක්වා තුරු වියන් කහ පැහැ ගන්වමින් නොරච්චෝල ක්‍රියාත්මක වන බවද එම ලිපියේ පෙන්වාදී ඇත.

තවද වයඹ පලාත් පරිසර අධිකාරිය ප්‍රායෝගිකව මාස 10 ක් පුරා මෙම කරුණ නොසලකා හැර ඇති අතර, ඔවුන් පසුගිය 8 දින බලාගාරය පරීක්ෂා කිරීමට යෑමට පෙර ඒ බව බලාගාර නිලධාරීන් වෙත දැනුම්දීම නිසා එම අවස්ථාවේ දී තාවකාලිකව අපද්‍ර‍ව්‍ය මුදාහැරීම නවතා දමා තිබූ බවත් එහි සඳහන්ව ඇත.

වයඹ පළාත් පරිසර අධිකාරය වෙතත් පුත්තලම දිසාපති, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා සභාපති වෙත ද ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසන්නේපවසන්නේ‘‘නොරොච්චෝල විදුලි බලාගාරයේ  ‘Treatment Plants’ හතරම මේ වන විට අක්‍රීය වී ඇති බව ඔවුන් නොදැන සිටිය නොහැකී බවය.

එබැවින්, 1. මළ අපද්‍ර‍ව්‍ය  2. කර්මාන්ත අපද්‍ර‍ව්‍ය  3. ගල් අගුරු සේදී එන ජලය  4. අලු සේදී එන ජලය පවිත්‍ර‍ කිරීමකින් තොරව මහ මුහුදට මුදාහරින බව/එක්වන බව2018 මැයි 7 ද, මැයි 14 දිනවල ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් නිරීක්ෂණය කර ඇති බවත් නොරච්චෝල පරිසර විනාශය පුත්තලම සිට අනුරාධපුර දක්වා විහිදෙමින් පවතින බව පෙන්වා දෙන එම ලිපියේ  වහාම මේ පිළිබද සොයා බැලීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය හා වයඹ පළාත් පරිසර අධිකාරයේ විශේඥ කණ්ඩායමක් මගින් මේ සදහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න