පෙළපොත් හිඟයට තවමත් පිළියමක් නෑ : ලංකා ගුරු සංගමය

පෙළපොත් හිඟයට තවමත් පිළියමක් නෑ : ලංකා ගුරු සංගමය

2018 වසර සඳහා සමස්ත පෙළපොත් අවශ්‍යතාවය 41,189,027 ක් ව තිබියදී පෙළපොත් 28,210,600 ක් පමණක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීමෙන් බරපතල පෙළපොත් හිඟයක් ඇති වී ඇති බවත්  මුද්‍රණය කර ඇති පෙළපොත් ප්‍රමාණය තුළ ගුරුවරුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඇතුළත් නොවීම හා ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතුවලට අවශ්‍ය පෙළපොත් ලබා නොදීම තුළ ගුරුවරු බරපතල පීඩාවකට පත්ව ඇති බවත් ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය මෙසේ චෝදනා කර සිටින අතර  මුද්‍රණය කළ පෙළ පොත් 28,210,600 තුළ 1-4 ශ්‍රේණි සඳහා අවශ්‍ය පොත් 8,802,100 ක් හා 9 ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් 6,432,000 ක්, වැඩපොත් 2,630,000 අනිවාර්යයෙන් මුද්‍රණය කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එවැනි තත්වයක සත්‍ය වශයෙන්ම මුද්‍රණය කර ඇත්තේ සමස්ත පෙළපොත් අවශ්‍යතාවයෙන් කුඩා ප්‍රමාණයක් බව පැහැදිළි බවත් පෙළපොත් මුද්‍රණය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 4385 ක මුදලක් වෙන් කර තිබියදී පෙළපොත් නැවත භාවිතය ගැන සඳහන් කරමින් අඩු පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබීම ගැටලුවක් බවද එම නිවේදනය තුළ පෙන්වාදී ඇත.

පවතින තත්ත්වය අනුව 2018 වසරට අදාළ පෙළපොත් මුද්‍රණය සඳහා දෙවැනි වරට 2018 වසරේ  ජනවාරි මස පුවත්පත් මගින් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවා තිබීම විහිලුවක් බවත් මේ වන විට දෙවන පාසල් වාරයද ආරම්භ වී තිබුණ ද පාසල් දරුවන්ගේ පෙළපොත් ගැටලුවට විසඳුම් ඒ තුළ නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන අතර පාසල් ළමුන්ට අවශ්‍ය පෙළපොත් විධිමත්ව ලබා නොදීම හා නැවත භාවිතය යයි සඳහන් කරමින් අබලි පොත් ලබාදීමෙන් දෙමාපියන්ට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වල පෙළපොත් මිල දී ගැනීමට පෝලිම්වල සිටීමට සිදුවූ බවද සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න