CID ය බාර රවීට FCID යත් බාරදේ !

CID ය බාර රවීට FCID යත් බාරදේ !

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID ) වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පත්කර ඇත.

රවී සෙනවිරත්න මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව මුල්‍ය අපරාධ කොට්ඨාසයට ද පත්කර ඇති බව පොලිසිය කියයි.

මුල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා  ඉකුත් (14) දින පොලිස් සේවයෙන් විශ්‍රාමයාමෙන් හිස් වු  මුල්‍ය  අපරාධ කොට්ඨාසයට  ස්ථිර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් පොලිස්පතිවරයා මෙම පත්වීම කර ඇත. 

පොලිස් මූල්යෙ අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍යය  පොලිස්පති ධුරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (17) තීන්දුවක් ගැනීමට නියමිත බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සැළකිල්ලට ගනිමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති පත් කරනු ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි  මාර්ග කියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගිය නමුත් ඔහුට සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

එම අනුමැතිය නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා වෙත ලැබී ඇති අතර ඉදිරියේදී රවී විද්‍යාලංකාර මහතා කොන්ත්‍රාත් පදනම මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නැවත නව තනතුරකට පත්  කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න