සජිත් අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්න - මංගල කියයි

සජිත් අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්න - මංගල කියයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අගමැති අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත් කලයුතු බව එම පක්ෂයේ උප සභාපතිවරයකු වන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

ඔහු එබව පවසා ඇත්තේ අද (15) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් දැන් තියා ප්‍රසිද්ධියට පත් කරමින් ගමින් ගමට - නගරයෙන් නගරයට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භකළ යුතු බව ඔහු එහිදී සඳහන් කර ඇතැයි ද පැවසේ.

ප්‍රතිපත්තිමය දේශපාලන වශයෙන් තමා සජිත් ප්‍රේමදාස මහතාව දැඩි ලෙස විවේචනය කල අයකු වුවද ග්‍රාමීය ජනතාව තුල ඔහු කෙරෙහි ඇති ආකර්ෂණය මේ මොහොතේ පක්ෂයේ ජයග්‍රහණය සඳහා යොදාගැනීම අතිශයින් වැදගත් දේශපාලන කාරණයක් බවද මංගල සමරවීර මහතා එහිදී පෙන්වා දී ඇතැයි වාර්තාවේ.
mangala 1000px 12 05 2018
''අපිට ඉන්න කෙනා තමයි හොඳම අපේක්‍ෂකයා'' - මංගල මාතරදීත් කියයි 

මේ අතර පසුගිය 12 දා මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් ද ඇමති මංගල සමරවීර මහතා පැවසුයේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කලයුතු බවයි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''මාස 18කින් බොහෝ විට එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කරලා 2020 ජනවාරි මාසයේ අටවැනිදා වෙනකොට ජනාධිපතිවරණයට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි දැන්ම ගමට බහින්න ඕන. 

එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් අපි ඇති කරන්න ඕන. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් අපි ලබා ගන්න ඕන. ඒ සඳහා අපි අන්තිම මොහොත දක්වා ඉන්නේ නැතිව, අපේක්‍ෂකයා කවුරු මොනවා කිව්වත් මම නම් හිතනවා දැනට අපිට ඉන්න කෙනා තමයි හොඳම අපේක්‍ෂකයා. 

ඉදිරි මාස දහඅටේදී මේ රටේ සංවර්ධනය වෙනුවෙන් දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම මම දෙන්නම්. අපි ඔක්කොම එකතු වෙලා ඉදිරි කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කරලා 2020 වෙන කොට හැංගි හොරා නෙවෙයි මම නම් ප්‍රාර්ථනා කරනවා අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපති පුටුවේ වාඩි කරලා ඊළඟ අවුරුදු පහ යමුයි කියලා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න