රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.
මිලියන 8ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.
අනුරුද්ධ පොල්ගම්පොළ රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මැයි මස 4 වනදා පත්කළ අතර මැයි 10 වනදා ඔහුගේ සේවය අත්හිටවනු ලැබිණ.
සබැඳි පුවත් :
දැව සංස්ථාවේ අළුත් සභාපතිට : ජවිපෙන් කුඩුවෙන ප්‍රහාරයක්
රාජ්‍ය දැව සංස්ථාවේ අළුත් සභාපතිත් ගෙදර !