රාජ්‍ය දැව සංස්ථාවේ අළුත් සභාපතිත් ගෙදර !

රාජ්‍ය දැව සංස්ථාවේ අළුත් සභාපතිත් ගෙදර !

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලැබූ  අනුරුද්ධ පොල්ගම්පොළගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අනුරුද්ධ පොල්ගම්පොළ  රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙසේ පත්වීම අත්හිටුවා ඇත.

අනුරුද්ධ පොල්ගම්පොළ රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දා වන අතර ඒ එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ පී. දිසානායක රුපියල් කෝටි දෙකේ කප්පම් සිදුවීමට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනුලැබූ නිසාය.

අනුරුද්ධට ගේම දුන්නේ ජවිපෙ 

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති අනුරුද්ධ පොල්ගම්පොළ අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධව කිහිපවතාවක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් කරුණු සහිතව අනාවරණය කළ අතර එවැනි පුද්ගලයකු ජනාධිපතිවරයාගේ අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීම අල්ලස සහ දුෂණයට එරෙහිව රජය ගත් නවතම ක්‍රියාමාර්ගයක්දැයි බරපතල ප්‍රශ්නයක් මතුවන බවද එහිදී ඔහු ප්‍රශ්න කර තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දැක්වූ අතර අනතුරුව ඔහු  පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. 

සබැඳි පුවත 

දැව සංස්ථාවේ අළුත් සභාපතිට : ජවිපෙන් කුඩුවෙන ප්‍රහාරයක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න